අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ අඛණ්ඩව වසර දහයකට වඩා වැඩි කාලයක් දිවයින පුරා සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද එක්වෙමිනි.
මෙහිදි සමථ මණ්ඩල සභිකයින් 197 දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් ලබා දීම සිදු විය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
සමථ මණ්ඩල සභිකයින් ලෙස ඔබ කළ හා කරනු ලබන සේවය අගය කිරීම සදහා සාම විනිසුරු පදවි ලබා දෙනවා.අපි මින් අපේක්ෂා කරන්නේ ඔබ විසින් කළ සේවය අගය කිරීමයි.සමස්ථ සමථකරණ සේවාවම අපි ගරු සේවාවක් වශයෙන් සළකන බව කිව යුතුයි.සමථකරණ සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවෙයි.අතීතයේ අපේ රටේ ජනතාවට තිබුණු ප්‍රශ්න විසදනු ලැබුවේ ගමේ සිටිය ප්‍රභූන් විසින් බව අපේ ඉතිහාසය අපිට පෙන්නලා දී තිබෙනවා.
අපේ රටට ලන්දේසීන් පෘතුගීසින් ඉංග්රිසින් පැමිණිමෙන් පසුව ඔවුන්ගේ නීති පද්ධතිය අපේ රටේ නීතිය බවට පත් වුණා.අපේ රටේ ජනතාවට තෘප්තිමත්ව සෞඛ්‍ය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා සේම යුක්තිය ඉටු වීමේදීත් එය තෘප්තිමත්ව ලබා දිය යුතුයි.
අධිකරණය ඉදිරියට යුක්තිය ඉටු කර ගැනීම සදහා ජනතාව පැමිණි අවස්ථාවලදී එය වසර 20 කින් 30 කින් ඉටු වී වැඩක් නැහැ.අපේ රටේ යුක්තිය පසිදලීමේදී ඇති වන ගැටළු රාශියක් තිබෙනවා.යුක්තිය පසිදලන ආයතන තුළින් කඩිනමින් වෙන්නේ නැහැ .ඒ සදහා විවිධ හේතු පවතිනවා රස පරීක්ෂක වාර්තා නැහැ.එහෙමත් නැතිනම් කුමන හෝ අවශ්‍ය වාර්තාවක් වෙලාවට ලැබෙන්නේ නැහැ.ඒ නිසාත් නඩු කල් යන බව ද අමාත්‍යවරයා පැවසීය.
අපේ රටේ අධිකරණයේ තදබදය වැඩියි එහි ඇති නඩු ප්‍රමාණය අධිකයි. අපිට අධිකරණයට එන නඩු ප්‍රමාණය අඩි කිරීමට සමථ මණ්ඩල ක්‍රමය වැනි දේ අත්‍යවශ්‍යයි.අපේ සමථ මණ්ඩලවලට එන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් විසදනවා.ඒ අතින් ඔබ විශිෂ්ඨ සේවයක් සිදු කරලා තිබෙනවා.සමථ මණ්ඩල තුළින් නීති තර්කයට මුවා වෙළා නඩු අහන එක සිදු වෙන්නේ නැහැ.සමථ මණ්ඩල තුළින් නඩුවක් විමසලා අවසන් වු පසු එහි තීන්දුව දෙන්න කල් ගන්නේ නැහැ.
නමුත් ඇතැම් උසාවිවල නඩුව අවසන් කරලා වසර දෙකක් විතර යනවා තීන්දුව ලබා දෙන්න .නඩුවක් අවසන් වු පසු සාධාරණ කාලයක් තුළ තීන්දුව ලබා දිය යුතු බවත් තීන්දුව කඩිනම්න් ලබා ගැනීමට ජනතාවට අයිතියක් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
නඩු ප්‍රමාදය සදහා අපිට පැමිණිළි එනවා .ඒ නිසා මේ නඩු ප්‍රමාදය අවම කර ගන්න අපි අලුත් ක්‍රමවේද කරා යා යුතුයි.අපි ඒ සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා.අපි ඒ සදහා අවශ්‍ය ආයතනවලට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලබා දිය යුතුයි.ඒ වගේම යුක්තිය පසිදලීමේ කාර්ය යේදී අපි නවීණ තාක්ෂණය උපයෝගී කර ගත යුතුයි. අපේ රට ඩිටිටල්කරණයට යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සදහන් කරලා තිබෙනවා .
ගතානුගතිකව නඩු විසදීම සිදු කර නියෝග දෙන ක්‍රමයෙන් බැහැරව ගිහිං අපි ඩිජිටල්කරණයට යුතු බවත් අද වන විට ලෝකයේ පවතින නවීණ තාක්ෂණය අපේ අධිකරණ පද්ධතියට ගෙන ආ යුතු බවත් ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
අපි මේ වන විට අධිකරණ පද්ධතියට පහසුකම් ලබා දීම සදහා නව අධිකරණ සංකීර්ණ ගොඩනැගිලි ඉදි කර ගෙන යනවා.ගාල්ල අධිකරණයේ ඉදි කිරීම් නතර කර තිබුණා .එහෙත් දැන් නැවත ඉදි කිරීම් ආරම්භ කර තිබෙනවා.තවත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණ රාශියක් ඉදිරියේදී ජනතා අයිතියට පත් කරනවා. අපි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය සුරකිමින් පරිපාලන ව්‍යුහයේ මීට වඩා ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.සිවිල් නඩුවලදී සමථ මණ්ඩල වල මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
අපි උතුරේ ජනතාවගේ ඉඩම් පිළිබදව පවතින ගැටළු විසදීම සදහා ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කර තිබෙනවා.එහෙත් එම විශේෂ සමථ මණ්ඩල දකුණේ ස්ථාපිත කර නැහැ.ඉදිරියේදී උතුරේ පවතින ඉඩම් පිළිබදව වු සමථ මණ්ඩල දකුණේ පිහිටුවීමට කටයුතු කරන බව ද කිව යුතුයි.කොළඹට පමණක් සීමා වී තිබු ණය සහන මණ්ඩලයේ කටයුතු අපි ගාල්ල රත්නපුර කුරුණෑගල හා ගම්පහ ව්‍යාප්ත කර ඒ සදහා වු ණය සහන මණ්ඩලයේ කාර්යාංශ පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා.
මීට අමතරව නීති ආධාර සේවය වඩාත් පුළුල් කළ යුතුයි .ඒ තුළින් දිළිදු සාමාන්‍ය ජනතාවට මීට වඩා සේවාවක් සිදු කළ හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් සමථ මණ්ඩල සභිකයින්ගේ සේවය තවදුරටත් හොදින් සිදු කිරීම සදහා ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කළ යුතුයි.ඒ සදහා දිස්ත්‍රික්ක මට්ටමින් හෝ ඔවුන්ට පුහුණු වීම් ලබා දිය යුතුයි .ඒ තුළින් සමථ මණ්ඩල තුළින් ලබා දෙන සේවය මීටත් වඩා ශක්තිමත්ව සාර්ථකව ලබා ගත හැකි බවත් සමථ මණ්ඩල සභිකයින් වැනි සමාජ වගකීම ස්වේච්ඡාවෙන් ඉටු කරනු ලබන අය රටට අවශ්‍ය බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති හෙක්ටර් එස් .යාපා යන මහත්වරුන් ද මෙහිදී අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හා සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු සමථ මණ්ඩල සභිකයින් මෙම අවස්ථාවට එක් විය.