Aboutceylon Online

මහ කන්නයේ එලවළු වගා කිරිමට පොහොර නොමැති විමෙන් එලවළු මිල යලිත් ඉහල යාමේ අවධානමක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය ප්‍රදේශයේ මහ කන්නයේ එලවළු වගා කරන එලවළු ගොවින්ට රසායනික පොහොර ලබා ගැනිමට නොහැකි නිසා තම වගාවන් සිදු කර ගැනිමට නොහැකිව සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.

රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා ඒ බැව් පැවසුවේ හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රි වරයා කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසියේ ගොවියෙකු වශයෙන් කටයුතු කරමින් සිටින විට බවත් ,තවදුරටත් ගොවියෙකු වශයෙන්ද කටයුතු කරන නිසා නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව මහ කන්නයේ අර්තාපල් වගාව ඇතුළු තවත් වගාවන් ගණනාවක් සිදු කරන බවත්, එම වගාවන් සිදු කිරිමට රාසායනික පොහොර නොමිලේ හෝ මිල දි ගැනිමට නොහැකි වි ඇති බවයි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ.

නුවරඑලිය නගරයේ හෝ දිවයිනේ කිසිදු ප්‍රදේශයක වගා පොහොර මිල දි ගැනිමට නොහැකි වි ඇති නිසා රජය වහාම ක්‍රියාත්මක වි මුදලට හෝ රසායනික් පොහොර ලබා දිමට කටයුතු කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඵලදායිතාවය අඩු වි දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබා දිමට ගොවින්ට නොහැකි විමෙන් දේශිය වෙලදපොලේ එලවළු මිල තවදුරටත් ඉහල යා හැකි බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාවට තමන් සේවය කර ඇති නිසා මහ මැතිවරණයට මුහුණ දිමට තමන් සුදානම් බවත්, වතුකරයේ ජනතාව මුලා කර කිසිදු අයෙකුට වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගැනිමට නොහැකි බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මාධ්‍යය හමුවේදි කියා සිටියේ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණ එක්ව තරග කිරිමට නම් සජිත් ප්‍රේමදාස මහතාත් , රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව කටයුතු කල යුතු බවත් එසේ එක් වි කටයුතු නොකරන්නේ නම්  ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට අවාසිසහගත වන බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගෙන පා.ම පිවිසිමට කිසියම් පිරිසක් මේ දින වල උත්සහ දරන බවත්, එවැනි අයට වතුකරයේ ජනතාවගේ ජන්දය නොලැබෙන බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්විමක් මත වතුකම්කරුවෙකුට  දිනකට රු දහසක වැටුපක් ලබා දිමට  වතු සමාගම් සමග පවත්වන සාකච්ඡා කඩිනම් කර එම වැටුප මුලික වැටුපක් ලෙස ලබා දිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බවත්, එම වැටුප වතුකරයේ ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන බවට තමන් තුල සහ වතුකරයේ ජනතාව තුල විශ්වාසයක් ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

Scroll to Top