නිදහස යනු මානවයා විසින් භුක්ති විදින ශ්‍රේෂ්ඨතම ආශ්වාදනිය හැඟීමකි. එම ශ්‍රේෂ්ඨ නිදහස උදෙසා සටන් වැදුණු වීරෝධාර මිනිසුන්ගේ අපමණ කැප කිරිම් තුළින් සැරසුණු ඉතිහාසයක් ශ්‍රී ලාංකික අපිට උරුමව තිබේ.
බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම හැරුණුකොට ඉන් පෙර වසර දෙදහසකට අධික කාලයක් පුරා විවිධ පර සතුරු උවදුරු හමුවේ මාතෘභූමියේ නිවහල් බව වෙනුවෙන් සටන් වැදුණු විරුවන් සහ නිදහසින් පසු ත්‍රස්තවාදී උවදුර හමුවේ නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් ස්වකීය ජීවිත පුජා කළ විරුවන්ද මේ මොහොත ගෞරව බහුමානයෙන් යුතුව සිහි කිරිම අපගේ යුතුකමයි.
බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස දිනාගන්නා මෙහොතේ නිදහසේ පියා යන විරුධය ලත් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතානන් නිදහසට දුන් වඩාත් පුළුල් අර්ථය අදටත් වලංගු වේ.
එතුමන් සඳහන් කළේ බටහිර අධිරාජ්‍යවාදයෙන් මිදුණු නමුත් පුර්ණ නිදහසක් ලැබීමට නම් අප ජාතියක් ලෙස තවත් පංචවිධ නිදහසක් අත්පත් කර ගැනීම උදෙසා සටන් කළ යුතුව ඇති බවයි.
එනම් මාතෘ භුමියේ සියළු ජාතීන් අතර “අසමගිකම්වලින් නිදහස, දරිද්‍රතාවයෙන් නිදහස, නූගත්කමින් නිදහස, ලෙඩ රෝගවලින් නිදහස, විරැකියාවෙන් නිදහස, යන්න එම පංචවිධ නිදහසයි.
මෙම අභියෝග තවදුරටත් අප විසින් ධෛර්ය සම්පන්නව හඹා යා යුතුව තිබෙන බව වර්තමාන යථාර්ථයයි.
ඒ සඳහා අතීත අත්දැකිම් ගුරුකොට ගනිමින් අඛණ්ඩ ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ සමස්ත ශ්‍රී ලාංකිකයන් එකම අධිෂ්ඨානයකට ගොනු වීම අවශ්‍ය වේ.
එම අධිෂ්ඨානය වටා සමස්ත රට වැසියන් ගොනු කීරිමට නම් ජාතී, ආගම්, උස් මිටිකම්වලින් තොරව සියළුදෙනා කෙරෙහිම සමානාත්මතාවයත්, ආත්ම ගෞරවය සහිතව ජීවත් වීමේ අයිතියත් තහවුරු කළ යුතුය.
72 වන මෙම අභිමානවයත් නිදහස් සැමරුමේදී සියළු පුරවැසියන්ට හිමි එවන් ගෞරවනීය නිදහසකට වඩ වඩාත් සමීප වෙමු.