හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්රදේශයේ නායයාමක් හේතුවෙන් වසර දෙකක් තිස්සේ එක් මංතිරුවක් ඔස්සේ රථ වාහන ධාවනය කල අතර , මේ මස 1 දින සිට නායයාමට ස්ථිර විසදුමක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා දි මේ වන විට මං තිරු දෙකක් ඔස්සේ රථ වාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කර ඇත.
2018 වසරේ ගිනිගත්හේන දියගල ප්රදේශයට ඉහලින් විශාල ජල ධාරිතාවක් සමග ප්රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමත් සමග එම ප්රදේශය නායයාමේ දැඩි අවධානමකට ලක් වි තිබුණි.
දියගල ප්රදේශයට අධික වර්ෂාව පැවති කාලයේ ප්රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්ද ප්රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අවස්තා කිහිපයකදිම තාවකාලිකව නතර කර තිබු අතර , පස් කන්ද කඩා වැටුණු දින සිට එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ නායයාමේ අංශයේ විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්රහය යටතේ ගිනිගත්හේන දියගල ප්රදේශයේ නායයාමේ අවධානමට ලක් වි ඇති ස්ථානයට යලිත් නාය නොයන ආකාරයට ස්ථිර විසදුමක් ලබා දි ඇත.
මෙරට සහ චින ඉංජිනේරුවන් පිරිසක් එක් වි දිවා රාත්රි දෙකේ වැඩ කරමින් නායයාමට ලක් වි තිබු කදු වැටිය ආරක්ෂිත කොන්ක්රිට් බැමි යොදා ස්ථිර විසදුමක් මේ වන විට ලබා දි මාර්ගයේ මංතිරු දෙකක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර ඇත.