රුසියානු සහ ජපාන විද්‍යාඥයින් පිරිසක් සයිබීරියාවේ ප්‍රදේශයක මැමත් දළ සොයමින් සිටියදී මෙම වෘක හිස සොයාගෙන ඇති අතර වසර 40 000ක් පමණ පැරණි හිම යුගයේ ජීවත් වූ වෘක වර්ගයකට අයත් වෘක හිසක් ලෙස ඔවුන් ප්‍රකාශ කරයි.
වෘක හිස හිමවලට යටවීමෙන් මිදුණු පස් යට තිබී හමුවි ඇත. මියයන විට වෘකයා වයස අවුරුදු දෙකත් හතරත් අතර පසු වූ බවත් සෙන්ටිමීටර් 40ක් පමණ දිගු හිස තවමත් ලෝමවලින් ආවරණය වී ඇති බවත් වෘක හිස තුළ හොඳින් සංරක්ෂණය වූ වෘකයාගේ මොළයද ඇති බවත් විද්‍යාඥයින් පවසයි.