Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයකු හමුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.

අද (27) සවස ලැබුණ වාර්තා අනුව ශ්‍රී ලංකාවෙන් පළමු වරට කොරෝනා වෛරස් ආසාදිතයකු හමුවී තිබේ. එම ආසාදිතයා 43 හැවිරිදි  චීන ජාතික කාන්තාවකි.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව රාත්‍රී 8.30 ට පමණ තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිටයි.

ඇය දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් ඇය සංචාරය කළ ප‍්‍රදේශ සහ ඇය සමග සිටි පුද්ගලයින් පිලිබදව සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව වාර්තා වෙයි.

තවද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ජාතික සෞඛය සේවා ආයතනය පවසන්නේ ජනතාව මෙම තත්වයට අනිසි ලෙස බිය නොවී විමසිලිමත්ව සිටිය යුතු බවයි.

Scroll to Top