කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චින ජාතික කාන්තාවක් හා ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියට අමතරව චීනයේ සිට මෙරටට පැමිණි උණ සහ සෙම්ප්රතිශයාව වැනි රෝග ලක්ෂණ සහිත තවත් රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. විශේෂ ඒකකයේ රඳවා ප්‍රතිකාර සහ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සිව්දෙනාගේ පුවතත් සමග ශ්‍රී ලාංකයින් තැතිගැන්මකට ලක්වි ඇත. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2684 දෙනෙකු එය ආසාදනය වී ඇතැයි සැක පළ වේ.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු සොයාගෙන ඇත.
වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක උපරිමයක් දක්වා කාලයක් ගතවන බව සොයාගෙන තිබේ.
මෙයට නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැත.