නිවසේ ඇති වුවේයැයි කියන ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් මවක් තම මාස හතක් වයසැති සිගිතියටද වස පොවා මවද වස පානය කිරිමෙන් දෙදෙනාම දික්ඔය මුලික රෝහලට (23) දින ඇතුලත් කර ඇත.
හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණියයි මෙසේ රෝහල් ගත කර ඇත්තේ.
(23) දින පස්වරු 3 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්තාවේ මෙම සිද්ධිය සිදු වි ඇති බවත්, පසුව අවට වතු කම්කරුවන් එක් වි දෙදෙනාම රෝහල් ගත කර ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
රෝහල් ගත කල දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.