Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අඩු ආදායම්ලාභීන්ගේ රජයේ රැකියා අයැඳුම්පත් ග‍්‍රාම නිලධාරීවරුන්ට බාර දෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා සම්පූර්ණකළ අයදුම්පත‍්‍ර  පෙබරවාරි 15 වැනි දිනට පළමුව ග‍්‍රාම නිලධාරීවරුන්ට බාරදිය දිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර රැකියා විරහිත පිරිස් මෙම වැඩසටහනට බඳවා ගැනීමට නියමිතය.

අදාළ අයදුම්පත් ජනවාරි 20 වැනිදා පුවත්පත්වල පළ කළ අතර එම ආකෘතියට අනුව අඳුම්පත සකස්කළ යුතුවේ. පසුව එය ග‍්‍රාම නිලධාරීවරයා විසින් සහතික කර ලබන මස 20 වැනිදාට පෙර ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදිය යුතුය.

ග‍්‍රාම නිලධාරීවරයා විසින් අයඳුම්පත සහතික කිරීම සඳහා තෙරතුරු තහවුරු කිරීමේදී සමෘද්ධී නිලධාරීන්, පූජකවරුන් කොට්ඨාස භාර මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසිය යුතු අතර යම් හෙයකින් වැරදි තොරතුරු තහවුරු කළ හොත් ඔහුගේ රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක‍්‍රියාමාර්ග ගනු ලබන බවද එහි සඳහන් කර ඇත.

ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් ග‍්‍රාම නිලධාරින් විසින් ලබාදෙන තොරතුරු මනා ලෙස ලේඛනගත කිරීම ලබන මස 25 වැනිදාට පෙර කළ යුතු අතර  එම කටයුතු අධීක්‍ෂණය කරමින් රැකියා කළහැකි දිළිඳුම පවුල්වලට මුල්තැන ලැබෙන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

බහුකාර්ය සංවර්ධන කාර්ය බලකාය විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා වෙනත් පොදු ස්ථානවලදී ලබන මස 26 වැනි දින සිට දින පහක කාලයක් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගනු ලැබෙනු ඇත.

තෝරාගත් අයදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය ප‍්‍රාදේශීය ලේකම් හා ග‍්‍රාම නිලධාරිවරයා ලබාදෙන අතර පුහුණුවීම් මාර්තු මස 02 වැනිදා ආරම්භ වේ. පුහුණු කාලය තුළදී ඔවුන්ට මසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවනු ලබන අතර ඔවුන් ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට විශ‍්‍රාම වැටුපටද හිමිකම් කියලූ ලබයි.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍යපෙළ විභාගයට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර රැකියා විරහිත පිරිස් මෙම වැඩසටහනට බඳවා ගනු ලබන අතර වෘත්තීය පුහුණුව ලබාදීමෙන් පසුව ඔවුන් සේවයේ ස්ථීර කරනු ලබන බවද එහි සදහන් වේ.

සියලූම රැකියාලාභීන් පදිංචි ස්ථානයට නුදුරින් පිහිටි සේවා ස්ථානවල රාජකාරීවලට අනුයක්ත කරන අතර ඔවුන්ගේ සේවය, විනය මෙන්ම ඉහළ කාර්ය සාධනයද සැලකිල්ලට ගනිමින් විදෙස් රැකියා සදහා යොමුකරීමටද රජය අපේක්‍ෂා කරනු ලබයි.

Scroll to Top