උතුරු නැගෙනහිර පිහිටි රාජ්‍ය ව්‍යවසාය සමීපව නිරීක්ෂණ කිරීමේ සිව්දින නිල චාරිකාවේ යෙදී සිටින කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතින කර්මාන්තපුර රැසක ද නිරීක්ෂණයේ යෙදිණි.
පළමු දිනයේ දී මඩකලපු කර්මාන්තපුරය ද , දෙවන දිනයේ දී අච්චුවේලි කර්මාන්තපුරය ද, වව්නියාව පුන්තෝට්ටම්, හා වැලිඔය කර්මාන්තපුරයන් ද ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම කර්මාන්තපුර නිරීක්ෂණයට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ වින්දික පියරත්න, ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක් ව සිටියහ. මෙහිදී වසා දමා ඇති කර්මාන්තපුර යළි පණ ගැන්වීම හා පවත්වාගෙන යන කර්මාන්ත පුරයන්හි අඩුපාඩු සපුරා දීම ආදී පියවර රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිතය.