Aboutceylon Online

හදිසි රෝගියෙකු රැගෙන යාමට ගිය 1990 ගිලන් රථය අනතුරට පත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තලවකැලේ සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු 1990 ගිලන් රථය පෞද්ගලික බස් රථයක ගැටි අනතුරකට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදිය.

1990 ගිලන් රථය දික්ඔය ප්‍රදේශයේ අසනිප වි සිටි රෝගියෙකු දික්ඔය මුලික රෝහල වෙත රැගෙන යාම සදහා ධාවනය කරවන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඩයගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් ගිලන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවවනය අනතුර හේතුව වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Scroll to Top