උදාවන නව වසර නැවුම් සුභවාදී බලාපොරොත්තු සමඟින් පිළිගනිමින් ශක්තිමත් මිනිසුන් ලෙස නැඟී සිටිමට අදිටන් කරගත යුතුය.
පුද්ගලයෙක්, පවුලක් ලෙසින් සාර්ථක වීමට මෙන්ම මහා සමාජයේ කොටස්කරුවෙකු වශයෙන්ද, පවතින යුතුකම් හා වගකීම් ඉටුකීරිම පිණිස නිශ්චිත ඉලක්කයක් සහිතව ජීවිතය හඹා යාමට අවශ්‍ය මානසික ශක්තිය ඇතිකර ගනුවස් මෙම නව උදාව වැදගත් වේ.
රටක් ලෙස අප විසින් සාක්ශාත් කරගත යුතු අතිශය වැදගත් බැරෑරුම් ඉලක්ක ගණනාවක් තිබේ. ඒ අතර ප්රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ආර්ථික,සමෘද්ධිය අත්පත්කර ගැනීමට නම් සියලු පුරවැසියන් කිසිදු භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමඟියෙන් හා සහජීවනයෙන් ක්‍රියා කිරිම අත්‍යාවශ්‍ය වේ.
සෑම පුරවැසියෙකු උදෙසාම “මාගේ මාතෘභූමියට මා අවශ්‍ය. මාගේ මාතෘ භූමිය තුල මා හටත් ඉඩක් හිමිය” යන හැඟිමෙන් ආත්ම ගෞරවය සහිතව ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම එම සහජීවනයේ පදනම බව මාගේ විශ්වාසයයි.
උදාවන නව වසර සමස්ත ශ්‍රී ලාංකික සහෝදර ජනතාව තුළ එම හැඟිම ජනිතවන සමෘද්ධිමත් ජීවිතයක් ලගාකර ගැනීම උදෙසා අධිෂ්ඨානය, වීර්යය කුළුගැන්වෙන වාසනාවන්ත නව වසරක් වේවා යැයි පතමි !