Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනවසරෙන් මැණික් ගැරු හත්දෙනෙක් කොටුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු හැටන් කොට්ඨාශ බුද්ධි අංශයේ සහ හැටන් කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් විසින්(26) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

නොර්වුඩ් එල්බොඩ වතුයාය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින පොට්රි ඇළේ එල්බොඩ වත්ත ප්‍රදේශයෙන් එම වතුයායේ ක්ෂෙත්‍ර නිලධාරියෙකුගේ නිල නිවස අසල ඇළ  මාර්ගයේ පිරිසක්  මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටින බවට හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා වෙත ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යවා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිස් අධිකාරිවරයා  කටයුතු කර ඇත.

ඇළ මාර්ගයේ පතුලේ ඉල්ලම් ගොඩගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක්ද වැටලිම සිදු කල නිලධාරින් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල , බගවන්තලාව සහ නොර්වුඩ්  ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, අත්අඩංගුවට සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ .

Scroll to Top