Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කථානායකතුමාගේ නත්තල් දින සුභපැතුම් පණිවුඩය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මානව සංහතියටම මෛත්‍රීය හා දයාව දානයකල ජේසු සමිදාණන්ගේ ශුද්ධෝත්පත්තිය මිනිසා භෞතික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඔසවා  තැබීමකි.

කවර අමිහිරි  ප්‍රතිඵලයක්  හමුවේ  වුවද, හෘද  සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ ‍‍‍වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය උන්වහන්සේගේ උත්තම ආත්ම පරිත්‍යාගය ලොවට  දුන් පණිවුඩයයි.

“යහපත් මිනිසා තම  සිතෙහි නිදන් කල  යහපත් දෙය ද,   අයහපත් මිනිසා තම සිතෙහි  නිදන් කල  අයහපත් දෙය ද වපුරන බව”  බයිබලයේ සඳහන්‍  වේ.

ඒ අනූව, යහපත්  දෙය හදවතේ නිදන් කොට  මනුෂ්‍යත්වය පිරුණු ලොවක් වෙනුවෙන්  කැපවීමට ජේසු සමිදාණෝ මග පෙන්වූහ.

උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දිවි පෙවත තුල ගැබ්ව ඇති උතුම් මානව පුරුශාර්ථ වටහා  ගැනීමට නත්තලේ දී  යොමු වීම  වැදගත්ය.

සත්‍යවාදී බව,ඉවසීම,උපේක්ෂාව,අල්පේච්ඡ බව,මෛත්‍රීය, දයාව අපගේ  ජිවිතයට  එක්කර ගැනීමට මෙන්ම  උන්වහන්සේ පැතිරවූ  අපරිමිත ප්‍රේමය අප හදවත් තුලින්ද සෙස්සන්  කෙරෙහි පැතිරවීමට හැකිනම් නත්තලේ සැබෑ  අරුත අප ජිවිතවලට  කැදවා  ගත හැකි වනු  ඇත.

සෑම  හදවතක් තුලම  දෙවියන් වහන්සේ වැඩ හිදින බැතිබර  ප්‍රිතිමත්  නත්තලක් වෙනුවෙන්  සකල ශ්‍රී ලංකාවාසී හා  ලෝ වැසි  කිතුණු  බැතිමතුන් වෙත  සුභාශිංණය කරමි !.

Scroll to Top