ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය අද (11 දා) බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.
අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේ මෙම තරගාවලියේදී පරාජය කළ හැකි ප්‍රතිවාදියෙකු හමුවී ඇති නිසයි.
දිමුත් සහ කුසල් ජනිත් ලකුණු අතර සිටින නමුත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට තිබූ අවස්ථාව පකිස්තාන තරගය වර්ෂාවට සේදී යාම නිසා අහිමිවීම ප්‍රබල පාඩුවක් විය.
අද තරගයේදී ඔවුන් ලකුණු අතරට පිවිසීම අනිවාර්යවී තිබේ.
පුහුණුකරු හතුරුසිංහ පවසන්නේ බ්‍රිස්ටල් තණතීරුවේ මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙනු ඇති බවයි.
මෙම තරගයෙන් පසු ලබන 15 දා ඕවල් පිටියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක) කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු
බංගලිදේශ සංචිතය
මෂ්රෆි මොර්ටාසා (නායක) තමීම් ඉක්බාල්, සෞම්‍යා සකාර්, ෂකිබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා, මෙහෙඩි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, මුස්ටාෆිසූර් රහමන්, මොසඩැක් හොසේන්, ලිට්න් දාස්, රුබෙල් හොසේන්, අබු ජයාඩ්, ෂබිර් රහමන්