දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එලවළු ගොවිහු චෝදනා කරයි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග නිසි මුරයට එලවළු වගා කිරිමට නොහැකි වු නිසා මේ දිනවල වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට ගොවින්ට නොහැකි නිසා ගොවින් සතුව ගොවිපලේ තිබෙන එලවළු අස්වැන්න ඉතා අඩු මිලට තොග වෙලදුන් රැගෙන ගොස් එම එලවළු ඉතා අධික මිලකට අලෙවි කරන බවයි ගොවින් චෝදනා කර සිටින්නේ.
එලවළු වගා කරන ගොවින්ට වඩා අතරමැදියන් වැඩි ලාභයක් උපයන බවත්, එම නිසා ගොවින් ඉතා අසරණ වි සිටින බවයි උඩරට එලවළු ගොවින් කියා සිටින්නේ.
මේ දිනවල බෝංචි , ගෝවා ,කරුට් ලික්ස් , බිට්රුට් , රාබු , මාලු මිරිස් වැනි එලවළු කිලෝවක් රු 200 පහල මිලකට තමන්ගෙන් මිල දි ගන්නා බවයි ගොවින් කියා සිටින්නේ.
ගොවින් එසේ පැවසුවද හැටන් ප්‍රදේශයේ සිල්ලර මිට එලවළු අලෙවි කරන වෙලදුන් කියා සිටින්නේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට එලවළු ගොවින් අසමත් විම නිසා දේශිය වෙලදපොලේ එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි.
උඩරට එලවළු මෙන්ම පහතරට ද එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති නිසා පරිභෝගිකයන් එලවළු ග්රැම් 250 ක් පමණ තම නිවසේ අවශ්‍යයතාවයට මිලදි ගන්නා බවයි වෙලදුන් පවසන්නේ.