Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මත්ද්‍රව්‍ය මැඩලීම් මෙහෙයුමකින් තිදෙනෙකුඅත් අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, කොන්තපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරික්‍ෂණය කර ඔවුන් පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී ඔවුන් සතුව තිබි හෙරෝයින් මිලිග්‍රෑම් 490 සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී මෙම සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

තවද, වැඩිදුර විමර්ශනයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු  මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි අයෙකු බව හඳුනාගෙන ඇති අතර,  අනෙකුත් සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරුවන් මන්නාරම සහ සිලාවතුර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී.

Scroll to Top