දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි.
නව රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතත් මේ වනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් මෙය විසඳීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.