කැරිබියන් ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ඩොලර් 1,60,000 බැගින් ඉහළම මිලකට අලෙවි වී ඇත.
නිරෝෂන් දික්වැල්ල ද ලසිත් මාලිංග නියෝජනය කරන ශා. ලුසියා පිලට තෝරා ගෙන ඇත.
වසර ගණනාවක් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ බ්‍රෙන්ඩන් මැකලම් , ක්‍රිස් ලින් ,ලුක් රොන්කි, මෙවර තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ජැමෙයිකානු නායක ක්‍රිස් ගේල් වසරක් කණ්ඩායමෙන් ඉවත්ව සිට යළිත් මෙම තරගාවලියට පැමිණ ඇත.