මුහුණු පොතින් හඳුනාගෙන විවාහ පොරොන්දු වී ඉතාලියේ සේවය කරන 27 හැවිරිදි තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 35 ක් වංචා සහගත අයුරින් ලබා ගත්තැයි චෝදනා ලැබූ 35 හැවිරිදි කාන්තාවක් පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
මෙම දෙපාර්ශ්වය පුස්සැල්ලාව පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේ මෙම දෙදෙනාට අයත් දෙපිරිසක් පොලිසිය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වීම නිසා එයට මුල් වූ එක් අයකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බාලවයස්කාර තරුණියක ලෙස එහිදී හැසිරී ඇති මෙම කාන්තාව විවාහ පොරොන්දු දී තරුණයා රවටා වරින් වර මුදල් ලබාගෙන ඇත්තේ මෙම දෙදෙනාට නිවසක් සෑදීමට ඇතුළු විවිධ අවශ්‍යතා පවසමින් බව තරුණයාගේ පාර්ශ්වයෙන් චෝදනා න`ගා ඇත.