Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැටන් නගරයේ බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාකරුවන්ට දැක් ගැනිමට අවස්තාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා තරුණ තරුණියන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි ප්‍රධාන නගර වල බැමි වල නිර්මාණය කරන බිතු සිතුවම් වලට සමගාමිව හැටන් නගරයේ තරුණ තරුණියන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාකරුවන්ට (10) දින සිට දැක බලා ගැනිමට අවස්තාව උදා කර ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව මංසන්ධියේ  ආරක්ෂිත පැති බැම්මක නිර්මාණය කරන ලද බිතු සිතුවම් හැටන් දික්ඔය නගර සභාවේ සභපති සඩෙන් බාලචන්ද්‍රන් මහතා විසින් (10) දින විවෘත කරන ලදි.

නිර්මාණය කරන ලද බිතු සිතුවම් මගින් පරිසරය රැකි ගැනිමට විවධ අයුරින් පණිවිඩයක් ලබා දිමට එම චිත්‍ර නිර්මාණය කල හැටන් ප්‍රදේශයේ තරුණ තරුණියන් උත්සහක් දරා ඇත.

හැටන් දික්ඔය නගර සභාවේද සහයෝගය ඇතිව නිර්මාණය කරන ලද එම බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට මෙන්ම හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරයේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයන්ට දැක ගැනිමට අවස්තාව උදා වි ඇත.

හැටන් නගරයේ තවත් ස්ථාන කිහිපයක මෙවැනි සිතුවම් නිර්මාණය කිරිමට තරුණ තරුණියන් මෙන්ම පාසල් ළමුන්ද ඉදිරිපත් වි සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්ද්‍රන් මහාතා පැවසිය.

Scroll to Top