ශ්‍රි පාදය වන්දනා කිරිමට නල්ලතන්නියට පැමිණෙන වන්දනාකරුවන් අවශ්‍යය සියළුම පහසුකම් සැලසිමට පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
උදුවප් පොහෝ දිනයෙන් (11) ආරම්භ වන 2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය සදහා ශ්‍රි පාදය වන්දනා කිරිමට නල්ලතනින්යට පැමිණෙන සියළුම වන්දනාකරුවන්ට අවශ්‍යය සියළුම පහසුකම් සැලසිමට පියවරගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ සමස්ථයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට මෙම දිනවල පවතින අයහපත් කාල ගුණය හෙතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන් ඒ පිළිබඳවත් අවධානය යොමුකිරීම වැදගත් බවත්, විශේෂයෙන් වන්දනා කරුවන් ගංගා හා දිය පහරවල් බාවිතා කිරීමේදි වඩාත් සැළකිලිමත් වන ලෙසත්ය.
එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේදි ශ්‍රී පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ ඔවුනට අවශ්‍ය පොදු පහසුකම් සැළසීම ට අදාල කටයුතු අවශ්‍ය අයතන සමග සම්බන්දවෙමින් සිදුකරණ බවත්, වන්දනාකරුවන් විසින් මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්තන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැළසුම් කරමින් පවතින බවත්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ශ්‍රී පාදස්ථානායේ ගෞරවය ආරක්ෂාකරමින්, මෙම පුණ්‍ය භුමිය සහිත සන්වේදී පරිසර කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කිරීම ට වන්දනාකරුවන්ගේන් ලැබෙන සහයෝගය වැදගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසිය.