එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති.
එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට X වහාම ප්‍රතිචාර දක්වා නැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මස්ක්, ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස්ට එරෙහිව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුපසින් සිට සිය සහය ලබාදීම පැහැදිලිව පෙන්නුම් කළ කාරයණයකි.
ඒ අනුව ඔහු ට්‍රම්ප් වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැලෙමින් මේ වන විට විශාල පොරොන්දු කිහිපයක් ද ලබා දී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.