Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.

ඒ වනජීවී අමාත්‍යාංශය මගින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීයි.පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පැවසුවේ මේ වන විට පවතින අලි අගල් පිළිබඳ තොරතුරු කිසිවක් නොමැති බවයි.

පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමට ද නියම විය.පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ අලි අගල් කැපීමේ මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවයි.

අලි ඇතුන් දරුණු අනතුරුවලට භාජනය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ද පෙත්සමේ සඳහන්.මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

Scroll to Top