Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්:

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 189ක්.

එහිදී ෂර්ෆන් රදෆෝඩ් ලකුණු 80ක් සහ ගාඩ්ක්ෂ් මෝටි ලකුණු 50ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී වනිඳු හසරංග කඩුලු 04ක්, අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

අනතුරුව ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

එහිදී චරිත් අසලංක නොදැවි ලකුණු 62ක්, සධීර සමරවික්‍රම සහ නිශාන් මධූෂ්ක ලකුණු 38 බැගින් රැස්කරගැනීමටයි සමත් වුණේ.

පන්දුයැවීමේදී අල්සාරි ජෝශප් කඩුලු 02ක් බිඳහෙළුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමටයි සමත් වුණේ.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 26වැනිදා මහනුවරදී ආරම්භ වීමට නියමිතයි.

Scroll to Top