Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෝමාවතිය පුද බිම ජලයෙන් යට වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන්සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි පවසයි.

සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවි ඇත.

සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බවත් උන්වහන්සේ සඳහන් කරයි.

Scroll to Top