සුව දිවිය දියවැඩියා රෝගය මර්ධනය කිරීමේ අරමුණින් පිහිටවනු ලැබූ ලාභ නොලබන සංවිධානයකි. වෛද්‍යවරුන්, විශේෂඥයින්, පෝෂණවේදීන්, ශාරීරික පුහුණුකරුවන් හා මනෝ විද්‍යාඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ අංශයන්හි සාමාජිකයින් එහි කටයුතු කරනු ලබයි. දියවැඩියා රෝගය පාලනය කිරීම තනිව සිදු කළ නොහැකිය. එය සාමූහකි ප්රයත්නයකි. ඒ වෙනුවෙන් ව්‍යාපාර ක්ෂේත්රය පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව සුව දිවිය පදනම අවධාරණය කර සිටියි. එමෙන්ම ඒ වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා සපයන්නන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය ආයතන, ආහාර අංශ සහ මාධ්‍ය ආයතනයන්ටද එක් වන ලෙස සුව දිවිය පදනම ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ දියවැඩියා තත්වය
අනෙකුත් දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී මෙරට දියවැඩියා ව්‍යාප්තිය ඉහළින්ම පවතිනවා. ඉතා තීරණාත්මක තත්වයක් වන මේ සඳහා පූර්ණ අවධානයක් අත්‍යාවශ්‍ය වනවා
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් 1 අයකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අතර එය සැලකිය යුතු සෞඛ්‍ය ගැටළුවක් ලෙස සඳහන් කළ හැකිය. තවත් 30%ක් පමණ පූර්ව දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේම මිලියනයකට අධික පිරිසක් තමන්ට දියවැඩියා තත්වය ඇති බව නොදැන සිටිනවා.
ග්‍රාමීය ප්‍රදේශයන්ට වඩා නාගරික ප්‍රදේශයන්හි දිවයැඩියා රෝගය ඉහළ මට්ටමක පවතින අතර ඊට ආහාර රටාව, ශාරීරිකව ක්‍රියාශීලී නොවීම වැනි ජීවන රටාවන් හේතු වෙනවා.
දියවැඩියා රෝගය වැලඳීමේ වයස් ප්‍රමාණය කෙමෙන් අඩු වෙමින් පවතින අතර ඒ නිසාම තරුණ ජනගහනය වැඩි අවදානමට ලක් වෙනවා.
දියවැඩියා රෝගීන් හේතුවෙන් ඉහළ යන සෞඛ්‍ය සේවා වියදම් සෞඛ්‍ය සේවා පද්ධතියට බලපෑම් ඇති කිරීමටද හේතු වන අතර එම තත්වය හේතුවෙන් බලපෑමට ලක් වූවන්ගේ ඵලදායීතාවයට හා සමස්ත ජීවන තත්වයටද බලපෑම් ඇති කරනවා.
දැනුවත් කිරීම, වැළැක්වීම හා කලින් හඳුනා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ දියවැඩියා ව්‍යාප්තිය අවම කිරීම සුව දිවිය පදනමේ මෙහෙවරයි. ඒ සදහා අප,
සෞඛ්‍ය සම්පන්න හා වඩා ඵලදායී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සේවකයින් වෙත නොමිලෙ දැනුවත් කිරීම් හා පරීක්ෂණ පැවැත්වීමට ආයතන සමඟ එක්ව කටයුතු කරනවා.
සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් සඳහා අවශ්‍ය දැනුම සහ මෙවලම් ලබා දෙමින් තරුණ තරුණියන් හා මහජනතාව සවිබල ගැන්වීම සඳහා සමාජගත වී ඇති වැරදි හා මිත්‍යා මත දුරු කිරීමට පුළුල් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන ඉහළ නැංවීම හා පාරිභෝගිකයින්ට හිතකර සෞඛ්‍ය සම්පන්න වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා ආහාර කර්මාන්තය දිරි ගන්වනවා.
දැනුවත් කිරීම් හා පෙළඹවීම් සහිත පණිවිඩ හරහා දියවැඩියා නිවාරණය ඉහළ නැංවීම හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය ක්‍රියාශීල ීපියවර දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍ය සමඟ එක්ව කටයුත කරනවා.
නොමිලේ පවත්වනු ලබන දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම් හා පරීක්ෂණ වැඩසටහන් සඳහා තමන් සමඟ සම්බන්ධ වන ලෙස සුව දිවිය පදනම ප්‍රජා ව්‍යාපෘතිවලට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සඳහා කරුණාකර 077 3533 791 අමතන්න.