අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහළම අස්වැන්න ලබා දී තිබෙනවා.
මෙරට වී වගාවේ නව පෙරැළියක් ඇති කරමින් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබුවා.
ඒ අනුව මේ වනවිට එම වී ප්‍රභේදය මෙරට වී වගාවේ මෙතෙක් ලබා දුන් ඉහළම අස්වැන්න ලබා දී තිබෙන බවයි අම්බලන්තොට වී පර්යේෂණයතනයේ නිලධාරියෙක් පවසා සිටියේ.
විශේෂයෙන් වී වගාවට ඉහළ විභවයක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් සැළකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ AT 378 වී ප්‍රභේදය වගා කළ ගොවීන් විශාල පිරිසක් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 12 සිට 14ක් දක්වා අස්වැන්නක් වාර්තා කළ බව එම ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකශ කළා.
සාමාන්‍යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවීන් වැඩිපුරම වගා කිරීමට හුරු වී තිබුනේ රතු කැකුළු වී ප්රභේදයන්.
නමුත් අපේ රටේ සහල් පරිභෝජනයේ දී වැඩි පිරිසක් ආහාරයට ගනු ලබන්නේ සුදු කැකුළු වී වර්ග කිහිපයක්.
මේ නිසා දකුණු පළාතේ සුදු කැකුළු වී වගාව ප්‍රචලිත කිරීම සඳහා සුදුසු වී ප්‍රභේදයක් වශයෙන් AT 378 හඳුන්වා දෙන්නේ.
මෙම වී වර්ගය මඟින් අක්කරයකට බුසල් 180ක් වශයෙන් හෙක්ටයාර් එකකට වී බුසල් 450ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව අම්බන්තොට වී පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.
මෙම වී ප්‍රභේදය වසර 13ක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වන අතර වී බුසලක බර කිලෝග්‍රෑම් 21ක් බව ද, මෙවර යල කන්නයේ දී හම්බන්තොට, අනුරාධපුර, පොලොන්නරුව, මාතර, ගාල්ල, හා රත්නපුර දිස්ත්‍රික්කවල වගා කරන ලද අතර ඉහළම අස්වැන්නක් ලැබුනු බවයි අම්බලන්තොට වී පර්යේෂණායතනය පවසන්නේ.
AT 378 වී ප්‍රභේදය වගා කළ විට ගංවතුර තත්ත්වයකට වුවද එම ගොයම ඔරොත්තු දෙන බවයි තහවුරු වී තිබෙන්නේ.