ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබේ.
එම භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමඟින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරන බව වාර්තා වේ.