Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ළමා ආර­ක්ෂාව පිළි­බඳ බස් රියැ­දු­රන් දැනු­වත් කිරී­මක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ළමා ආර­ක්ෂාව පිළි­බ­ඳව බදුල්ල හා අවට ප්‍රදේ­ශ­වල පාසල් ළමුන් ප්‍රවා­හ­නය කරනු ලබන රථ­වා­හන හිමි­ක­රු­වන්, රියැ­දු­රන් හා සහා­ය­ක­යන් දැනු­වත් කිරීමේ විශේෂ වැඩ­ස­ට­හ­නක් බදුල්ල සහ­කාර දිස්ත්‍රික් ලේකම් විමංස සෙනෙ­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

මෙහිදී ළමා ආර­ක්ෂාව හා ඊට අදාළ නීති රීති සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රියේ බදුල්ල දිස්ත්‍රික් ළමා ආර­ක්ෂක නිල­ධාරී ප්‍රදීප කේ. එදි­ර­ප්පුල්ලි මහතා විසින් ද, මාර්ග සංඥා හා මාර්ග නීති සම්බ­න්ධ­යෙන් බදුල්ල පොලි­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ඩී.එම්. අනුර මහතා විසින් ද, නිසි වේලා­වට රථ­වා­හන නඩත්තු කිරීම හා පාසල් ළමුන් ප්‍රවා­හන බස්රථ පව­ත්වා­ගෙන යා යුතු ආකා­රය සම්බ­න්ධ­යෙන් බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරී­ක්ෂක හසිත රන්දෙ­නිය මහතා විසින් ද දේශන පව­ත්වන ලදි. ඒ අනුව පොදුවේ පාසල් ළමුන් ප්‍රවා­හ­නය වින­යා­නු­කූ­ලව, ආර­ක්ෂා­කා­රීව හා අනෙ­කුත් මගී ප්‍රවා­හන කට­යු­තු­ව­ලින් වෙනස්ව වඩාත් සංවේ­දීව කළ යුතු ආකා­රය පිළි­බ­ඳව දීර්ඝ වශ­යෙන් කරුණු පැහැ­දිලි කෙරුණු අතර, බදුල්ල දිස්ත්‍රික් ළමා ආර­ක්ෂක නිල­ධාරී ප්‍රදීප කේ. එදි­ර­ප්පුල්ලි මහතා ඇතුළු නිල­ධා­රීහු වැඩ­ස­ට­හන සංවි­ධා­නය කළහ.

මෙම අව­ස්ථා­වට සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවා­හන සංග­මයේ බදුල්ල දිස්ත්‍රික් සංග­මයේ සාමා­ජි­ක­යන් ඇතුළු පාසල් සිසුන් ප්‍රවා­හන රථ වාහන හිමි­ක­රු­වන්, රියැ­දු­රන් හා සහා­ය­ක­යන් ඇතුළු පිරි­සක් සහ­භාගී වූහ.

Scroll to Top