පසුගියදා රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බදු සංශෝධන පිළිබඳ ධනාත්මක ඇසකින් දකින අතර මෙම සංශෝධන හරහා ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය විශ්වාස කරන්නෙමු. රජය විසින් යෝජනා කරන ලද බොහොමයක් බදු සංශෝධන මගින් කෙටි කාලීනව ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථික ක්‍රියාවලීන්ද උද්දීපනය කරනු ඇත. මීට සමගාමීව ප්රමුඛ නොවන රාජ්‍ය වියදම් කපා හැරීමට ගත් තීරණය මෙන්ම ඇමති මණ්ඩලය සීමා කිරීමට ගත් තීරණයද, අයවැය හිඟය අවම කිරීමට රජය සතු කැපකිරීම පෙන්නුම් කරන බව අපේ හැඟීමයි.
එමෙන්ම, රාජ්‍ය ව්‍යවසායන්හි ලාභදායීතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙකී ආයතන පාලනය කිරීම සඳහා සුදුසුකම් හා අත්දැකීම් වලින් සපිරි කළමණාකාරීත්වයන් තෝරාගැනීමට කමිටුවක් පත්කිරීමට ගත් තීරණයද අපි අගය කරමු. රාජ්‍ය ව්‍යවසාය කළමණාකරණය කිරීමේදී නිවැරදි කළමණාකරණ ක්‍රමවේද භාවිතා කරමින් මූල්‍ය විනය පවත්වාගැනීම රටේ සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන අතර ඒ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවලියෙහිද අවධාරණය කර ඇත.
මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හරහා ලැබෙන ප්රතිලාභ මධ්‍ය හා දිගුකාලීනව පවත්වාගනු ඇතැයි ද, ඒ හරහා තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වාගනු ඇතැයි ද වාණිජ මණ්ඩලය වශයෙන් අප බලාපොරොත්තු වන්නෙමු. මෙසේ ආර්ථික වර්ධනය තිරසාර වන බව තහවුරැ කිරීම උදෙසා ක්ෂේත්‍ර කීපයක් ආවරණය කරමින් ප්රතිංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර, දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කිරීම අපනයන ප්‍රවර්ධනය හා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම යන අංශයන්ට සම්බන්ධ ප්‍රතිසංස්කරණ පිළිබද අවධානය යොමුකිරීම වැදගත් වේ. මීට සමගාමීව රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරත්වය තහවුරැ කිරීම මෙන්ම දත්ත හා සාක්ෂි පදනම් කර ගත් තීරණ ගැනීම ද තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට අත්‍යවශ්‍ය වන අතර මේ පිළිබඳවද අප 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවලිය තුල සඳහන් කර ඇත.
මෙම බදු ප්‍රතිසංස්කරණ හරහා ව්‍යාපාර වලට මෙන්ම ජනතාවට ලැබෙන ප්රතිලාභ උපරිම කිරීම උදෙසා රටේ පුද්ගලික අංශයේ ප්‍රධාන නියෝජිතයා වශයෙන් අප දිගින් දිගටම රජය හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.