විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති අතර ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 43000කට අධික බව සඳහන්.
කෙසේ වෙතත් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් යම් බාධා මතුව තිබෙන අතර විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බව කොමිසම පවසනවා.
ඒ අනුව කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ.