Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන සහ අවසන් තරගය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ, මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන සහ අවසන් තරගය අද (24 වැනිදා) රාත්‍රි 7.00ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙහිදී ශ්‍රී ලංකාව තායිලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කළහොත් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට ඉඩක් හිමිවනු ඇත.

පිට පිට තරග 3ක ජයග්‍රහණ සමගින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම මෙන්ම ‘ඒ’ කාණ්ඩයේ මුල් තැන හිමි කරගන්නා කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව වටයේදී තරග කිරීමට සිදු නොවීම මෙම තරග ජයග්‍රහණයේ අමතර වාසියන්ය. මේ වන විට මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දියාව හිමි කරගෙන තිබෙන අතර කාන්තා ආසියානු කුසලාන පන්දුවාර 20 ඉතිහාසයේ සෑම අවසාන තරගයක් සඳහාම සුදුසුකම් ලබාගත් එකම කණ්ඩායම වන ඉන්දියාව ‘අවසන් තරගයේදීම’ හමු වීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වනු ඇත.

අද මැලේසියාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා කාලගුණයෙන් බලපෑම් එල්ල නොවීමට වැඩි ඉඩක් තිබෙන අතර සම්පූර්ණ තරගයක් නැරඹීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුපුරුදු පරිදි තණතීරුව පිතිකරණයට වඩාත් උචිත ස්වරූපයක් ගනු ඇති අතර කාසියේ වාසිය හිමි කරගන්නා නායිකාව දෙවනු පන්දුවට පහර දීමට වැඩි උනන්දුවක් දක්වනු ඇත.

Scroll to Top