Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අභ්‍යා­ව­කාශ විද්‍යාව සහ තාක්ෂ­ණය ගැන වැඩ­මු­ළු­වක් හෙට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අභ්‍යා­ව­කාශ විද්‍යාව සහ තාක්ෂ­ණය පිළි­බඳ පාසල් ළම­යින්ගේ සහ ගුරු­ව­රුන්ගේ දැනුම වර්ධ­නය කිරීමේ අර­මු­ණින් වැඩ­මු­ළු­වක් හෙට (12) මොර­ටුව, කටු­බැද්ද නවීන තාක්ෂ­ණය පිළි­බඳ ආතර් සී. ක්ලාක් ආය­ත­න­යේදී පැවැත්වේ.

මේ වැඩ­මු­ළු­වට පාසල් සිසුන් සහ ගුරු­ව­රුන් 200ක පමණ පිරි­සක් තෝරා­ගෙන ඇත. එහිදී අභ්‍යා­ව­කාශ විද්‍යාව සහ තාක්ෂ­ණය පිළි­බඳ මූලික දැනු­මක් දීම­ටත්, රොකට් තාක්ෂ­ණය පිළි­බඳ න්‍යායන් සාකච්ඡා කිරීම සහ ජල රොකට් නිර්මා­ණය පිළි­බඳ ප්‍රායෝ­ගික අත්දැ­කීම් දීම­ටත් සැල­සුම් කර ඇත. මෙහිදී රාවණා-1 සහ කිට්සුනේ නැනෝ චන්ද්‍රි­කාව නිප­දවූ ඉංජි­නේ­රු­වන්ගේ තාක්ෂ­ණික දැනුම ගැනීමේ අව­ස්ථාව සැලසේ.

Scroll to Top