පොසොන් උත්සවයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ දුම්රිය සේවයක් අද (17 වැනිදා) සිට ක්රියාත්මක කෙරේ.
අනුරාධපුර සහ මිහින්තලේ අතර දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට මෙම විශේෂ දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.
මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බැවින්, මහව දක්වා දුම්රියෙන් පැමිණෙන පිරිසට අනුරාධපුර දක්වා ඒමට විශේෂ ප්රවාහන සේවාවක්ද යොදා තිබේ.