ඓතිහාසික අනුරාධපුර වෙස්සගිරිය පුරාවිද්‍යා ස්ථානය “ උරුම උද්‍යානයක් “ බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
මෙහිදී වෙස්සගිරියේ දී පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන්ට අවස්ථාව ලබාදීම,නරඹන්නන්ගේ මානසික සුවතාව ඇති කිරීම,විවේක ස්ථාන පිහිටුවීම ආදී කාර්යයන් රැසක් සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.
වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත් කිරීමේ මූලික අදියර යටතේ එහි අක්කර 26කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රදර්ශන මට්ටමට සකස් කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය මඟින් සිදු කරයි.
වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ හා අමාත්‍යංශ ලේකම් එච්.එම්.පී. බී.හේරත් මහත්වරුන්ගේ උපදෙස් මත වෙස්සගිරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.