Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පරිසරයේ වෙනස්වීම් ගැන අවබෝධයක් පළමු ශ්‍රේණියේ සිට දිය යුතුයි ඇමැති, ආචාර්ය සුසිල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පරිසර වෙනස්වීම් පිළිබඳ අවබෝධය පාසලේ පළමු ශ්‍රේණියේ සිට දිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මෙවර උසස් පෙළ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලැබූ සිසුන්ගේ කුසලතා ඇගයීමට අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“දේශගුණ විපර්යාසවලට මුහුණදීමේ ඛේදනීය තත්ත්වයක් ගෝලීය වශයෙන් ව්‍යාප්තව තිබෙනවා. එම නිසා දරුවන්ට පරිසරය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපනයක් දීම වැදගත්.”

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර, අබාන්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රුසී පැස්ටෝංජි, ප්‍රධාන වෙළෙඳ නිලධාරි, ආචාර්ය චතුර ජයවර්ධන, සාමාන්‍යාධිකාරි සී. ජනරංග මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු ද, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ඇගයීම්ලාභී සිසු සිසුවියන්ගේ මවුපියෝ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී අබාන්ස් ආයතනයෙන් එම සිසුන් විශේෂ ඇගයීමකට ලක් කරමින් ලැප්ටොප් සහ ටැබ් පරිගණක දීම ද සිදු කෙරිණි.

Scroll to Top