Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹ තොරණ 8යි වෙසක් කලාප පහක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර සම්බුදු තෙම­ඟුල නිමි­ත්තෙන් කොළඹ නග­රයේ පම­ණක් තොරණ 08ක් සහ වෙසක් කලාප 05ක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කළේය.

බාල­දක්ෂ මාවත පැරණි එම්.ඕ.ඩී. ගොඩ­නැ­ගිල්ල තිබූ ස්ථානය, මර­දාන ඩින්ස් පාරේ සීමන් හන්දිය, දෙම­ට­ගොඩ හන්දිය, ඔරු­ගො­ඩ­වත්ත හන්දිය, කොස්ගස් හන්දිය, නව­ග­ම්පුර තොට­ළඟ පොල අසල, බේවෘක් පෙදෙස, මර­දාන ආනන්ද මාවතේ වයිර්ක් පිටිය, යන ස්ථාන­වල ප්‍රධාන තොරණ ඉදි­කර තිබේ.

මේ හැරුණු විට කොළ­ඹට ආසන්න තදා­සන්න නගර ආශ්‍රි­ත­වද තොරණ රැසක් ඉදි­කර ඇත. පෑලි­ය­ගොඩ මාළු වෙළෙඳ සැල අසල, පෑලි­ය­ගොඩ නව­ලෝක හංදිය, පිළි­ය­න්දල, තල­ව­තු­ගොඩ, මර­දාන, කිරි­බ­ත්ගොඩ, මාකොළ, කඩ­වත මාලබේ, කැල­ණිය ගෝන­වල, ඔරු­ගො­ඩ­වත්ත, අංගොඩ, ගොත­ටුව, කොට්ටාව, ගම්පහ එසේ තොරණ ඉදි­කර තිබේ.

කොළඹ නග­රය තුළ ප්‍රධාන වෙසක් කලාප 05ක් ඇති අතර ගංගා­රාම බුද්ධ රෂ්මි වෙසක් කලා­පය, බෞද්ධා­ලෝක වෙසක් කලා­පය, සිරස වෙසක් කලා­පය, ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථා පූජා වෙසක් කලා­පය හා අමා­ද­හර වෙසක් කලා­පය වශ­යෙන් මෙම කලාප කොළඹ කොටුව, කොළඹ පුර­හල් පරි­ශ්‍රය, ගංගා­රා­මය, කොළඹ 07 බේවෘක් පෙදෙස සහ කොළඹ 07 බෞද්ධා­ලෝක මාවත ආශ්‍රී­තව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කළේය. මෙම වෙසක් කලාප ආශ්‍රී­ත­වද තොරණ ඉදි­රි­කර තිබේ.

Scroll to Top