Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

LPL ක්‍රීඩක වෙන්දේසිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වු ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ( මැයි මස 21) වාර්තා පොත් අතරට එක්විය.

මතීෂ පතිරණ තරග වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 120,000 කට මිලදී ගනු ලැබුවේ Colombo Strikers කණ්ඩායම විසිනි.

05 වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ( මැයි මස 21 වැනිදා) පැවැත්වුණි.

මෙවරත් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසිනි.

 

 

 

 

 

 

 

එමෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බ්‍රේන්ඩොෆ් ඇමෙරිකානු ඩොලර් 50,000 කට මිලදී ගනු ලැබුවේ Jaffna Kings කණ්ඩායම විසිනි.

පකිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් ඇමෙරිකානු ඩොලර් 50,000 කට B- Love Kandy කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් අර් රෙහෙමාන් ඇමෙරිකානු ඩොලර් 50,000 කට Galle Marvels කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු වටයේ වෙන්දේසියේදී කිසිම කණ්ඩායමක් මිලදී නොගත් අතර දෙවන වටයේදී ඔහුව ඇමෙරිකානු ඩොලර් 40,000 කට Jaffna Kings කණ්ඩායම මිලදී ගන්නා ලදී.

වේග පන්දු ක්‍රිඩක කසුන් රාජිත ඇමෙරිකානු ඩොලර් 26,000 කට B-Love Kandy කණ්ඩායම මිලදී ගනු ලැබීය.

මේ අතර ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ඩොලර් 22,000 කට Dambulla Thunders කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

දිනේෂ් චන්දිමාල් ඇමෙරිකානු ඩොලර් 40,000 කටත් අෂේන් බණ්ඩාර ඩොලර් 28,000 කට B-Love Kandy කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

Dambulla Thunders කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නුවනිදු ප්‍රනාන්දු ඇමෙරිකානු ඩොලර් 34,000 කට මිලදී ගනු ලැබීය.

LPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මොනවාද ?

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් ඇතුළත් ය. එම සෑම කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක් ක්‍රීඩක වෙන්දේසියේදී වැය කිරීමට අවස්ථාව වෙන්කර තිබුණි.

පසුගිය වසරේ දී LPL තරගාවලිය සඳහා Dambulla Aura සහ Galle Titans යන නම්වලින් තරග වැදුණු කණ්ඩායම් මෙවර සිය නම් වෙනස් කොට නව හිමිකරුවන් යටතේ තරගාවලියට එක්ව සිටිති.

ඒ අනුව Dambulla Thunders කණ්ඩායම තමීම් රෙහාන් විසින් සහ Galle Marvels කණ්ඩායම ප්‍රේම් ටකර් විසින් හිමිකාරිත්වය දරනු ලබති.

මේ අතර කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය සාගර් ඛන්නා දරනු ලබයි.

තෙවතාවක් LPL ශුරතාවය දිනු ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණු ලබන්නේ සුභාෂ්කරන් අල්ලිරාජා ය.

පසුගිය වසරේ LPL ශුරතාවය දිනු බී – ලව් කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ ඕමාර් ඛාන්ය.

කණ්ඩායම්වල සිදුවූ වෙනස්කම්

තෙවතාවක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා මෙවර කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග එක්ව තිබේ.

එමෙන්ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර තරගාවලියේදී Galle Marvels සමග එක්ව තිබේ.

B – Love Kandy කණ්ඩායම විසින් ගිය වර ඔවුන්ගේ නායකයා වූ වනිඳු හසරංග තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර, ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ද කණ්ඩායමේ රඳවා ගැනීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ වාර්තාගත ලංසුවක් සමඟ Jaffna Kigs කණ්ඩායම විසින් මිලදී ගත් ඩිල්ශාන් මදුශංක මෙවර Dambulla Thunders සමඟ එක්ව තිබේ.

එමෙන්ම නුවන් තුෂාර සහ මුස්ටාෆිසුර් රෙහෙමාන් ද Dambulla Thunders කණ්ඩායමට එක්වී ඇත.

පසුගිය වසරේ Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම නුර් අහමඩ් Jaffna Kings කණ්ඩායමට එක්වී ඇත.

Galle Marvels කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ සහ Tim Seifert තවදුරටත් සංචිතයේ රඳවා ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම ඔවුන් එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ප්‍රවේගකාරී පිතිකරු Alex Hales සමඟ ද ගිවිසුම් ගතව තිබේ.

LPL ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වු ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ( මැයි මස 21) වාර්තා පොත් අතරට එක්විය.

මතීෂ පතිරණ තරග වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 120,000 කට මිලදී ගනු ලැබුවේ Colombo Strikers කණ්ඩායම විසිනි.

ඉසුරු උදාන ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ Galle Marvels කණ්ඩායම විසිනි.

ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩක කරීම් ජන්නත් ඇමෙරිකානු ඩොලර් 80,000 කට වෙන්දේසියේ දී මිලදී ගැනීමට Dambulla Thunders කණ්ඩායම සමත් විය.

B-Love Kandy කණ්ඩායම විසින් දසුන් ශානක ඇමෙරිකානු ඩොලර් 85,000 කට මිලදී ගනු ලැබීය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක රයිලී රූසෝව් ඇමෙරිකානු ඩොලර් 60,000 කට Jaffna Kings කන්ඩායම විසින් මිලදී ගනු ලැබිය.

ධනංජය ද සිල්වා

වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයින් කවුද?

මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවිම කැපී පෙනෙන සිදුවීමක් විය.

එමෙන්ම බංගලාදේශ කණ්ඩායම නියෝජනය කරන මුෂ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, තව්හිඩ් හිර්දොයි, නජ්මුල් හුසේන්

bbc

Scroll to Top