Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කළ පැමිණිල්ලක් අනුව මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ අන්තර්ජාලයෙන් මෙසේ ඉවත් කර තිබෙනවා.

තැපෑලේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී වරින් වර වාර්තාවූ බව මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා තිබුණා .

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවිවලට නොරැවටෙන ලෙසත් තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයට මෙන්ම පොලිසියට ද පැමිණිලි කර තිබෙන බවද ඔහු පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පවසන්නේ මෙම වෙබ් අඩවිවලින් මුදල් වංචා කළ සිද්ධීන් තිස්පහක් පමණ වාර්තාවී ඇති බවයි.

මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ තැපෑලේ නියම වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන වන සේ සකස් කර තිබූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

Scroll to Top