Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඓතිහාසික කිරිඅම්මා උල්පත ස්ථානය වැඩිදියුණු කිරීමට අවදානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත ස්ථානයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගම‍ගේ මහතා ඇතුලු කාර්ය මණ්ඩය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඓතිහාසික වශයෙන් වැදගත්තමත් උසුලුන මෙම ස්ථානය වැඩිදියුණු කිරිම සදහා පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමෙන්තුව සහ සංචාරක දෙපාර්තමෙන්තුව එක්ව වැඩපිළවෙලක් සකස් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි අදාළ නිලධාරින්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙහිදි ලග්ගල ප්‍රාදේශීය ලේකම් සවර්ණා පෙරරේරා මහත්මිය කියා සිටියේ සති අන්තයේ දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් මෙම ස්ථානය නැරඹිම සහ පුද පුජාවන් සදහා සහභාගි වන බැවින් විධිමත් වු වැඩපිළිවෙක් ප්‍රාදේශීය සභාව සහ අනෙක් වගකිව යුතු ආයතන එක්ව එක්වට නැංවිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත්ය.

ආණ්ඩුකාරවරයා පැවසුවේ පළාත් සංචාරක දෙපාර්තමෙන්තුව සහ අදාල පළාත් පාලන ආයතන එක්ව මෙම ස්ථානය සංචාරකයින් සදහා සහ බැතිමතුන් සදහා පරිසරයට හානි නොකර අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය උපදෙස් තමන් ලබා දිමට සුදානම් බවත්ය.

Scroll to Top