අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ අගයක් ගනු ඇති.
මේ පිළිබඳව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.
ඒ අනුව වැඩබිම්වල සේවය කරන ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා හැකිතාක් සෙවන ස්ථානවල සිට සිය කාර්යන් සිදු කිරීම සිදුකළ යුතු බව සඳහන්ය.
උණුසුම් කාලගුණය පිළිබඳව වැඩිහිටි හා රෝගී පුද්ගලයින් ද විශේෂ අවධානය යොමු කළ යුතුයි.
අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ඇත.
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මාසය මැද දක්වා පවතින ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කරනු ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පවතින වියළි කාලගුණයත් සමග ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
මේ අතර පවතින අධික උණුසුම් කාලගුණයත් සමග සතුන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, කිරි හරක් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසයි.
එම සතුන් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.
එසේ නොවුනහොත්, කිරි නිෂ්පාදනය අඩු වීම සහ සතුන් විජලනය වී මියයාමට පවා හැකියාවක් පවතින බව ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.