Aboutceylon Online

සකර්බර්ග් එක්සත් ජනපද සෙනෙට් සභාවේදී සමාව ඉල්ලා සිටියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, එක්සත් ජනපද සෙනෙට් සභාවේ පැවති නඩු විභාගයකදී තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බව චෝදනා කළ පවුල්වලින් සමාව අයැද තිබේ.

එහිදී ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පවත්වාගෙන යන සකර්බර්ග් ඔවුන් දෙසට හැරී ඔවුන්ට සිදුවූ දේ කිසිවෙකුට නැවති සිදු විය යුතු නැති බව පවසා ඇති බව සඳහන්.

ඔහු සහ TikTok, Snap, X සහ Discord හි ප්‍රධානීන්ව දෙපාර්ශවයේම සෙනෙට් සභිකයින් විසින් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි විදෙස් වාර්තා පවසයි.

නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට ඔවුන් කරන්නේ කුමක්ද යන්න දැන ගැනීමයි.

මෙලෙස තාක්ෂණික ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට ලැබීම එක්සත් ජනපද සෙනෙට් සභිකයින්ට ලැබුණු දුර්ලභ අවස්ථාවක් විය.

 

Scroll to Top