Aboutceylon Online

ඔන්ලයින් පනත අද(01) සිට බලාත්මක කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය.

පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (1) සිය සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය මස 23 සහ 24 දිනවල විවාදයට ගැනිණ. පනත් කෙටුම්පත සම්මත වූයේ 24 වැනිදාය.

එම කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

පනත්වලට සහතිකය සටහන් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණ දිර මහත්මියද නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානයේ නීතිඥ චමින්ද කුලරත්න, සහකාර ලේකම් නීතිඥ හංස අබේරත්න සහ ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ ජනකාන්ත ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

එම නිවේදනය පහතින්,

Scroll to Top