Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කෙසෙල්ගමුඔය පිටාර ගලයි, නිවාස 25ක් ජලයෙන් යට වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය අසල පහත්බිම වල පිහිටි නිවාස 25 ක් පමණ ජලයෙන් යට වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ඊයේ (30) රාත්‍රි 11 ට පමණ කෙසෙල්ගමුඔය අසල පිහිටි නිවාස වලට අඩි තුනක් පමණ ජලය කාන්දු වු බවත්, පැය තුනකට පමණ  පසු නිවාස වලට කාන්දු වි තිබු ජලය බැස ගිය බවයි එහි පදිංචිකරුවන් කියා සිටියේ.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඔහුන් පදිංචි නිවාස වලින් ඉවත් කිරිමට පියවර ගත් අතර ලං වතුර පිටාර ගැලිමත් සමග පවුල් 25 කට අයත් සමාජිකයන් 100 දෙනෙකු පමණ අවතැන් වි සිටියි.




ගං වතුර තත්වය ඇති විම නිසා නොර්වුඩ් ග්‍රාමසේවා කාර්යයල ,සමෘද්ධි කාර්යයාලය ගං වතුරෙන් යට වි තිබු අතර   නිවාස වලට කාන්දු වු ජලය  බැස යාමෙන් පසු නිවාස වල  තැනපත් වි ඇති රොන්මඩ ඉවත් කිරිම සහ ජලයෙන් විනාශ වු  ගෘහ භාණ්ඩ සුද්ද පවිත්‍ර කිරිමේ කටයුතු නිවාස හිමියන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.

කෙසෙල්ගමුඔය ආරම්භ වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (30) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුයේ ජල මට්ටම වැඩි වි පිටාර ගලා ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වලකාලිමට අපදා කලමණාකරණ ඒකකය මගින් විශාල මුදලක් වැය කර කෙසෙල්ගමුඔය පුළුල් කලද ඉන්පලක් වි නොමැති බවයි කෙසෙල්ගමුඔය අවතැන් විමෙන් අවතැන් වුවන් කියා සිටියේ.

අවතැන් වුවන්ට අවශ්‍යය පහසුකම් සැලසිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය සහ නුවරඑලිය ආපදා කලමණාකරන ඒකකය කටයුතු කර ඇත.

සබැදි පුවත්

– දිවයිනට මහ වැසි දිස්ත්‍රික්ක 3 කට නාය අනතුරු

Scroll to Top