ඔන්ලයින් වෙළෙඳාම සඳහා නව කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ ඔන්ලයින් හරහා සිදු කරන වෙළෙඳාම් මේ වන විට වැඩි වී ඇති බැවින් බවයි අමත්‍යවරයා පැවසුවේ.
ඔන්ලයින් වෙළෙඳාමේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසයි.
සමාජයේ ගැටලු සහගත තැන්වලදී සෘජු තීන්දු ගැනීමට මෙවැනි පනත් සම්මත කර ගැනීම තුළින් අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන්, ඔවුන් මෙම පනතට ලබා දුන් දායකත්වය නිවරදිව පිළිපිඹු නොවන බව, ආසියානු ඉන්ටනෙට් සන්ධානය පවසයි.
ඒ අනුව සහයෝගීතාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටිය ද, මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් ආසියානු ඉන්ටනෙට් සන්ධානය දැනුවත් කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.
වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Google, Apple, Meta, X (Twitter), Amazon, Yahoo, Booking.com, FedEx, Pinterest වැනි දැවැන්ත සමාගම් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ සාමාජිකයින් වෙයි.