Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රජා පොලිස් කමිටු 14,022ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් කමිටු 14,022ක් ස්ථාපිත කර ඇති බවත් එම සෑම ප්‍රජා පොලිස් කමිටුවකම නිල බලයෙන් එම ග්‍රාමසේවා වසමේ තරුණ සංවිධානයේ සභාපතිවරයාට ප්‍රජා පොලිස් කමිටුවේ උප සභාපති ධුරය ලබාදීම මඟින් තරුණ සහභාගිත්වය වැඩි කර ඇතැයි ද පැවසීය.

ප්‍රජා පොලිස් කමිටු සඳහා කාන්තා දායකත්වය සියයට පනහක් දක්වා වැඩි කරන ලෙස උපදෙස් දී ඇති අතර මේ සියල්ලෙන්ම සිදු වන්නේ අදාළ පොලිස් වසම් තුළ සිටින පුද්ගලයන් හඳුනා ගැනීමත් මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීමත් බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ තිබූ ගොඩනැඟිල්ලක් නවීකරණය කරමින් පොලිස් නිලධාරීන් 1500කට නවාතැන් ගත හැකි ලෙස සකස් කර ඇති බවත් ඒ තුළින් යම් යම් නිල කටයුතු සඳහා කොළඹට පැමිණෙන පොලිස් නිලධාරින්ගේ සුබසාධනය සිදුකර ඇතැයි ද එලෙසම පොලිස් නිලධාරින්ගේ භට නිවාසවල තත්ත්වයද යථාවත් කිරීමත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මේ වන විටත් සිදුකරමින් ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

Scroll to Top