Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමි ලෝක බෞද්ධ සමුළු ශ්‍රී ලංකා සභාපති ධුරයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කළුතර වස්කඩුව ශ්‍රී සුභූති රජ මහා විහාරස්ථානය සහ කොටහේන දීප දුත්ථාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති, කළුතර වස්කඩුව සුභූති ප්‍රාථමික විදුහලේ හිටපු විදුහල්පති, අමරපුර මහ නිකායේ සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ මහා නායක ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ මහා නායක හිමියන්, ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපති ලෙස පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැති ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලන වාර්ෂික සභා රැස්වීමේ දී ඒකමතිකව තෝරා පත්කර ගන්නා ලදී. එම ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ විධායක සභාව, පරිපාලන නිලධාරී මණ්ඩලය සහ මහා සභාව යන ත්‍රිපාර්ශ්වයම නවදිල්ලි නුවර දී රැස්වූ අතර එම මහා සභා වාරය නියෝජනය කිරීම සඳහා ඉන්දියාව, වියට්නාමය, බුරුමය, සිංගප්පූරුව, තායිවානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කාම්බෝජියාව, දකුණු කොරියාව ඇතුළු රටවල් තිස්නවයක බෞද්ධ නියෝජිතයන් සහ බෞද්ධ ස්වාමීන් වහන්සේලා අති විශාල පිරිසක් සහභාගි වී ඇත. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලන නියෝජනය කිරීමට වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන්ට සභාපති තනතුර ප්‍රදානය කිරීමෙන් අනතුරුව ගිහි පාර්ශ්වය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සභාපති තනතුරට ආචාර්ය දමින්ද පෝරගේ මහතා ද එහි විධායක සභාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආචාර්ය ශර්මිලා මිල් රෝයි මහත්මිය ද තෝරා පත් කර ගන්නා ලදී.

Scroll to Top