Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිවයිනට මහ වැසි දිස්ත්‍රික්ක 3 කට නාය අනතුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ජලාශ රැසක් වාන් දැමීමෙන් පවුල් 643ක  පුද්ගලයින් 2000 කට අධික පිරිසක්  පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දිවයින පුරා විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

අද දිනයේත් උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශ වල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කළුතරට මිලිමීටර් 200ක් ද කොළඹට මිලිමීටර් 140 ක්, මූලටියනට මිලිමීටර් 138 ක්, කුරුණෑගලට මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

Scroll to Top