Aboutceylon Online

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08)යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි.

1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ උත්සාහයට සහය වූ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරමින් නව දේශපාලන ගමනක් ඇරඹුවේ 1951 වසරේදී ය.

1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සැමරුම් උත්සවය අද ගාලු මුවදොරදී පැවැත්වෙන බවයි.

ඒ අනුව පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇති.

Scroll to Top